අපස්මාරය

අපස්මාරය යනු මොළයට බලපෑම් ඇති කර නිරන්තරයෙන් වලිප්පුව (seizures) ඇති කරන පොදු තත්ත්වයකි. මොළයේ අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි ක්‍රියාවලියට තාවකාලිකව බාධා ඇති වීම නිසා මෙය ඇතිවේ. ඒවා මගින් රෝග ලක්ෂණ බොහෝමයක් ඇති කරනු ලබයි. අපස්මාරය ඕනෑම වයසකදී ඇති විය හැක, නමුත් සාමාන්‍යයෙන් මුලින්ම ඇති වන්නේ ළමා කාලයේදී හෝ වයස 60 වැඩි පුද්ගලයන්ගේය. එය ජීවිත කාලයටම පැවතිය හැකි වුවද, සමහර අවස්ථාවලදී කාලයත් සමග සුව විය හැක.

අපස්මාරයේ රෝග ලක්ෂණ

වලිප්පුව මොළයේ බලපා ඇති කොටස අනුව, විවිධ ආකාරයෙන් මිනිසුන්ට බලපෑම් ඇති කරයි. ඇති විය හැකි රෝග ලක්ෂණ වන්නේ:

  • ශරීරයේ පාලනය කල නොහැකි ගැස්සීම් හා සෙලවීම් ඇති වීම
  • අවධානය නොමැති වීම හා හිස් බවකින් යුතුව අවකාශය දෙස බලා සිටීම
  • ශරීරය දැඩි බවට පත් වීම
  • උදරය පෙරලීම වැනි හැගීමක්, අසාමාන්‍ය සුවද හෝ රස දැනීම හා අත් හා කකුල් වල හිරි වැටුනු ස්වභාවයක් වැනි අමුතු දැනීම් ඇති වීම
  • සිහිසුන්ව ඇද වැටීම්

සමහර අවස්ථාවලදී ඔබ සිහිසුන් වේ. නමුදු ඔබට සිදු වූ කිසිවක් මතක නැත.

ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථා

ඔබට වලිප්පුව ප්‍රථම වතාවට ඇතිවූයේ යයි සිතන්නේ නම් වෛද්‍යවරයකු හමුවන්න. මෙමගින් අදහස් වන්නේ ඔබට අපස්මාරය ඇති බව නොවේ, වලිප්පුවට බොහෝ හේතු ඇති නිසා හා සමහර අවස්ථාවලදී එය එක් වරක් පමණක් ඇති වුවද ඔබ වෛද්‍යවරයකු හමු වී එය ඇති වූයේ ඇයිදැයි දැනගත යුතුය. ගිලන් රථයකට කතා කල යුත්තේ යමෙකුට:

  • ප්‍රථම වරට වලිප්පුව ඇති වී ඇත්නම්
  • වලිප්පුව මිනිත්තු 5කට වඩා පවතීනම්
  • එක දිගට කිහිප වරක් වලිප්පුව සෑදී ඇත්නම්
  • හුස්ම ගැනීමේ අපහසුතා හෝ ඔවුන්ට බරපතල ලෙස තුවාල වී ඇත්නම්

අපස්මාරය සදහා ප්‍රතිකාර

ප්‍රතිකාර මගින් බොහෝ මිනිසුන්ට වලිප්පුව සෑදීමේ අවස්තා අඩු කිරීම හෝ එය සම්පූර්ණයෙන්ම වලක්වා ගැනීම සිදු කරයි. ප්‍රතිකාර වල ඇතුලත් වන දෑ:

  • ප්‍රති අපස්මාර ඖෂධ ලෙස හදුන්වන ඖෂධ -මෙය ප්‍රධාන ප්‍රතිකාරය වේ
  • වලිප්පුව ඇති කිරීමට හේතු වන මොලයේ කුඩා කොටසක් සැත්කමක් මගින් ඉවත් කිරිම
  • වලිප්පුව පාලනය කිරීමට දායක වන කුඩා විද්‍යුත් උපකරණයක් ශරීරය තුලට ඇතුල් කිරීමේ ක්‍රියාවලිය
  • වලිප්පුව පාලනයට දායක වන විශේෂ ආහාර වේලක්(කීටෝජෙනික (ketogenic diet-ආහාර වේල) ලබා දීම

සමහර පුද්ගලයන්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. වලිප්පුව පාලනයට දායක වන විශේෂ ආහාර වේලක් (කීටෝජෙනික (ketogenic diet) ආහාර වේල) ලබා දීම

අපස්මාර රෝගය සමග ජීවිත් වීම

අපස්මාරය යනු ජීවිත කාලය පුරාවට පවතින තත්ත්වයකි. නමුත් බොහෝ පුද්ගලයන්ට, වලිප්පුව ඇති වීම පාලනයට හැකි වුවහොත් සාමාන්‍ය ජීවිතයක් ගත කල හැක. අපස්මාරය ඇති බොහෝ ළමයින්ට ප්‍රධාන පෙලේ පාසලකට ඇතුල් වී, බොහෝ ක්‍රියාවලි සහ ක්‍රීඩා වල නිරත විය හැකි අතර නිසි වයසේදී රැකියාවකද නිරත විය හැක. නමුත් ඔබ රිය පදවන් විට, ඇතැම් රැකියා වල නිරත වන විට, පිහනීමේදී, උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේදී හා ගර්භනීභාවය සැලසුම් කිරීමේදී ඔබගේ අපස්මාරය පිලිබඳ සැලකිලිමත් විය යුතුය. අපස්මාරය ඇති විට ඔබගේ ජීවිතය සැලසුම් කිරීමට වෛද්‍යවරයකුගෙන් හෝ සහාය කණ්ඩායම් වලින් උපදෙස් ලබා ගත හැක.

අපස්මාරයට හේතු

අපස්මාරයේදී, මොලයේ විද්‍යුත් සංඥා මිශ්‍ර වීම හා සමහර අවස්ථාවලදී ක්ෂණික අසාමන්‍ය විද්‍යුත් ක්‍රියාවලින් ඇති වීම සිදු වේ. වලිප්පුව ඇති වන්නේ මේ නිසාවෙනි. බොහෝ අවස්ථාවලදී , එය සිදු වන්නේ ඇයිදැයි නිශ්චිත්ව කිව නොහැක. එය පාර්ශවිකව සිදු විය හැක්කේ ඔබගේ ජාන මොළය ක්‍රියා කරන අකාරයට බලපෑමෙනි, එනම් අපස්මාරය සහිත සෑම පුද්ගලයන් 3 දෙනෙකුගෙන් එක් අයකුගේම පවුලේ සාමාජිකයකුට එය ඇත. ඉදහිට, මොළයට සිදු වන හානි නිසා අපස්මාරය ඇති විය හැක. හානි විය හැකි අවස්ථා නම්: